වෙන් වූ අතක් බද්ධ කර තරුණියකට ජීවිතය දුන් විශ්මිත සැත්කම

ශරීරයෙන් වෙන් වූ අතක් සාර්ථකව බද්ධ කිරීමට කෑගල්ල මහ රෝහලේ ශල්‍ය වෛද්‍ය කණ්ඩායමක් සමත්ව තිබේ.

ඥාති පවුල් දෙකක් අතර ඊයේ (04) ඇතිවූ ගැටුමකදී පුද්ගලයෙකු මන්නයකින් පහර දීම හේතුවෙන් 21 හැවිරිදි තරුණියෙකුගේ වම් අත වෙන්වී ඇත.

අතෙහි වෙන්වූ කොටස අයිස් යෙදූ කවරයක බහා ගෙනැවිත් ඇති අතර මධ්‍යම රාත්‍රියේ පැය 4ක පමණ කාලයක් මෙම සැත්කම සිදුකර තිබේ.

සාර්ථකව ශල්‍යකර්මය නිම කිරීමෙන් අනතුරව, දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ තරුණියගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව වාර්තාවෙයි.

නිර්වින්දන වෛද්‍යවරයා, හෙද කාර්යමණ්ඩලය මෙන්ම සෞඛ්‍ය සහායක කණ්ඩායම් හා ලේ බැංකුව වැනි විශාල පිරිසකගේ සහාය මීට ලැබී තිබේ.

කාර්යමණ්ඩලයේ සහයෝගය නිසා තරුණියගෙ ජීවිතයත් අතත් බේරගන්න හැකි වු බව විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන ප්‍රකාශ කළේය.

Leave a Reply