වෙන්දේසියක දී රෝස දියමන්තියක් ඩොලර් මිලියන 49.9 කට අලෙවි වෙයි

කැරට් 11.15 රෝස දියමන්තියක් හොංකොං හි පැවති වෙන්දේසියක දී ඩොලර් මිලියන 49.9 කට අලෙවි වී ඇති අතර එය වෙන්දේසියකදි අලෙවි වූ දියමන්තියක කැරට් එකක් සදහා ලැබුණු ඉහළම මිල වාර්තා කරමින් ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ.

Sotheby’s Hong Kong විසින් සිකුරාදා වෙන්දේසි කරන ලද Williamson Pink Star දියමන්තිය මුලින් ඇස්තමේන්තු කර තිබුණේ ඩොලර් මිලියන 21ක් ලෙසයි. නමුත් එය වෙන්දේසියේදී ඩොලර් මිලියන 49.9 කට අලෙවි විය.

Williamson Pink Star එහි නම ලැබි ඇත්තේ ජනප්‍රිය රෝස දියමන්ති දෙකකිනි. පළමුවැන්න 1947 දී දිවංගත II එලිසබෙත් රැජින වෙත මංගල තෑග්ගක් ලෙස පිරිනැමූ කැරට් 23.60 විලියම්සන් දියමන්තිය වන අතර දෙවැන්න 2017 වෙන්දේසියේදී වාර්තාගත ඩොලර් මිලියන 71.2 කට අලෙවි වූ කැරට් 59.60 Pink Star දියමන්තියයි.

Leave a Reply