ජර්මනියේදී විවාහ වී ලංකාවේදී මංගල උත්සවය ගැනීමේ බලාපොරොත්තුවෙන් මෙරටට පැමිණි යුවළක් එම උත්සවය නවතා ඊට වියදම් කිරීමට නියමිතව තිබූ මුදල්වලින් තෝරාගත් පවුල් 1,000කට වියළි ආහාර පාර්සල් සහ දිවා ආහාර පාර්සලයක් ලබාදීමටත් අවුරුදු 4ක හා 12ක දරුවන් දෙදෙනකුට ලක්ෂ 15ක් වටිනා කෘත්‍රිම පාද ලබාදීමටත් පියවර ගෙන ඇත.
මෙසේ විවාහ මංගල්‍යය වෙනුවට මෙම ක්‍රියාව කළේ මිනුවන්ගොඩ, මාතම්මන, ඔතොපෙඩික් ආයතනයේ ස්ටෙෆාන් වෙන්ඩ්ලන්ඩ් සහ ඔහුගේ බිරිය වන ජර්මන් ජාතික ජුලියා යුවළ විසිනි.
ස්ටේපාන් වෙන්ඩ්ලන්ඩ්ගේ මවුපියන් වන ඩීටර් වෙන්ඩ්ලන්ඩ් සහ රත්නසීලි වෙන්ඩ්ලන්ඩ් යුවළද පසුගිය වසර 20ක් පුරා අඩු ආදායම් පවුල් සඳහා වියළි ආහාර පාර්සල් බෙදාදී තිබේ.