වීරකැටිය – හකුරුවෙල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට දී අද (19) පෙරවරුවේ පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර තිබෙන බව පොලිසිය පවසයි.
වෙඩි තැබිමෙන් මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, 53 හැවිරිදි පුද්ගලයෙකි.
මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇති බව අනාවරණය වි ඇතැයි පොලිසිය පවසයි.
මෙම වෙඩි තැබිම පුද්ගලික ආරවුලක් මත සිදුවන්නට ඇති බව පොලිසිය සැක පළකරයි.
සිද්ධිය සම්බන්ධයෙන් වීරකැටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.