විෂ වායුවක් ආඝ්‍රාණය වීමෙන් ධීවරයෙකු මරුට – දස දෙනෙකු රෝහලට

අම්බලන්ගොඩ ධීවර වරායේ නැංගුරම්ලා තිබු ධීවර යාත්‍රාවක මත්ස්‍ය අස්වැන්න පිටතට ගැනීමට යාමේදී විෂක් ආග්‍රණය වීමෙන් ධීවරයකු මිය ගොස් තවත් දස දෙනෙකු අද (07) පස්වරුවේ බලපිටිය මූලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වතුගෙදර පදිංචි 44 හැවිරිදි ධීවරයෙකි

ධීවර යාත්‍රාවේ මත්ස්‍ය අස්වැන්න පිටතට ගැනීමට යාමේදී යම් විෂක් අග්‍රහණය විමෙන් මේ සිදුව ඇති බවට සැක කරන බව පොලිසිය පවසයි.

සිද්ධියෙන් තවත් ධිවරයින් 10 දෙනෙකු බළපිටිය මුලික රෝහලට රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් පුද්ගලයන් දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

මියගිය ධීවරයාගේ මෘත දේහ බලපිටිය රෝහල් මෘත ශරීරාගාරයේ තබා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අබලන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන ලබයි..

Leave a Reply