වියළි කාලගුණයට විරාමයක් – ප්‍රදේශ කිහිපයකට වැසි

පවතින දියලි කාලගුණයට කෙටි විරාමයක් ලබාදෙමින් නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද, දකුණ, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් විටින් විට තරමක තද සුළං ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply