විනෝද චාරිකාවේ ගිය සිසුවා පිහිනුම් තටාකයේ ගිලී මරුට

වෙන්නප්පුව, බොරලැස්ස ප්‍රදේශයේ හෝටලයක පිහිනුම් තටාකයේ දිය නාමින් සිටි පාසල් සිසුවෙකු දියේ ගිලී මියගොස් තිබෙන බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 14 හැවිරිදි වියේ පසුවු සඳලංකාව ප්‍රදේශයේ පදිංචිව සිටි 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකි.

පන්නල, මාකඳුර ප්‍රදේශයේ උපකාරක පංතියක සිසුන් 80 දෙනෙකු එම ප්‍රදේශයේ විනෝද චාරිකාවක නිරත වී ඇති අතර එහිදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

එම සිසුන් අතරින් පිරිසක් පිහිනුම් තටාකයේ දියනාමින් සිට ඇති අතර එහිදී අදාළ සිසුවා දියේ ගිලී මියගොස් ඇත.මෘත ශරිරය හලාවත රෝහලේ තැන්පත් කර ඇති අතර වෙන්නපුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *