විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වරයක් සමඟ සැකකරුවකු මීටියාගොඩ කලුගේ ප්රදේශයේ දී විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
සැකකරු සතුව ගිනි අවියක් ඇති බවට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකායේ භට පිරිසක් සිදුකළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලිසිය අනතුර පරීක්ෂණ පවත්වා ගෙනයනු ලබයි.