විදෙස් යුවලක් නිදාසිටි කබානාව තුලට රිංගා ඩොලර් සොරකම් කරලා

තිස්සමහරාම යෝධ වැව අසල පිහිටි කබානා හෝටලයක නවාතැන් ගෙන සිටි විදෙස් ජාතික යුවළකගේ ඩොලර් 800ක මුදලක් පැහැරගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් ති‍දෙනෙක් පොලිසිය විසින් අද (23) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ. 

ඉකුත් 19 වනදා එම විදෙස් යුවළ නිදා සිටිය දී කබානාව තුළට රිංගු සැකකරුවන් විසින් එම මුදල් සොරාගෙන ගොස් තිබේ. ඒ අනුව සිදුකළ පරීක්ෂණ මත අද (23) අලුයම අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. එහිදී සැකකරුවන් විසින් පැහැරගත් ඩොලර් 780ක මුදලක් ද සොයාගෙන තිබේ.

සැකකරුවන් විසින් රැගෙන ආ පිහියක් හා පාවහන් යුවළ පොලිස් භාරයට ගෙන තිබූ අතර, සැකකරු කබානාව තුළට ඇතුළු වන අයුරු එහි සවිකර තිබූ CCTV කැමරාවක සටහන්ව තිබී ඇත

සැකකරුවන් අද (23) තිස්සමහාරාමය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.

Leave a Reply