විදෙස් කාන්තාවකගේ ඇපල් ජංගම දුරකථනය උස්සලා

බස් රථයක නැගී ගමන් කරමින් සිටියදී සිය ගමන් මල්ලෙහි තිබුණු රුපියල් දෙලක්ෂ පනස් දහසක් පමණ වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකථනය සොරාගෙන ඇති බවට මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටින රුසියානු ජාතික කාන්තාවක් හබරාදුව පොලිසියට පෙරේදා (22) පැමිණිලි කර තිබේ.

26 හැවිරිදි මෙම රුසියානු ජාතික කාන්තාව උණවටුන වෙරළ තීරයේ රැඳී සිට එදින රාත්‍රී කාලයේ උණවටුන සිට වැලිගම බලා ධාවනය වෙමින් තිබූ බස් රථයකට ගොඩ වී ගමන් කරමින් සිටියදී මෙම සොරකම සිදුව ඇති බව හබරාදුව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *