විදුලි සැර වැදී කුඩා දැරියක් ඇතුළු දෙදෙනෙකු ජිවිතක්ෂයට

පුස්සැල්ලාව, මායිප්පල ප්‍රදේශයේ දී විදුලිසැර වැදී කුඩා දැරියක් ඇතුළු දෙදෙනෙකු මියගොස් ඇත.

මෙලෙස මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ, අවුරුදු 02යි මාස 08ක් වයසැති කුඩා දැරියක් සහ 32 හැවිරිදි පුද්ගලයෙකු බව සඳහන්ය.

එළවළු කොටුවක් සතුන් ගෙන් ආරක්ෂා කිරීම සඳහා ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී මෙම අනතුර සිදු ව ඇති බව පොලීසිය සඳහන් කරයි.

Leave a Reply