අම්බලන්තොට මාමඩල ප්‍රදේශයේදී විදුලිසැර වැදී පුද්ගලයෙකු මියගොස් තිබෙන බව පොලිසිය පවසයි.
විදුලිසැර වැදීමෙන් මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 35ක පුද්ගලයෙකි.
ත්‍රීරෝද රථයක ආරක්ෂාව සඳහා ත්‍රීරෝද රථය වටා ඔහුගේ වැඩිමහල් සහෝදරයා විසින් දමා තිබූ විදුලි රැහැනක මෙම පුද්ගලයා පැටලී ඇති බව අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලබයි.