විදුලි සැර වැදීමෙන් කුඩා දරුවෙකු මරුට

විදුලි සැර වැදීමෙන් අවුරුද්දයි මාස හයක් වූ පිරිමි දරුවෙකු මියගොස් ඇති බව කුරුවිට පොලීසිය පවසයි.

කුරුවිට එක්නැලිගොඩ ප්‍රදේශයේ නිවසක සිටි මෙම දරුවා නිවසේ බිත්තියක සවිකර තිබූ විදුලි ස්විච් එකකට ඇඟිල්ලක් දැමිම හේතුවෙන් මෙලෙස විදුලි සැර වැදී ඇති බව වැඩිදුරටත් අනාවරණය වී තිබේ.

ඉදිරි විමර්ශන කටයුතු කුරුවිට පොලීසිය විසින් සිදු කරගෙන යනු ලබයි.

Leave a Reply