විදුලි පංකාව ඇඟට වැටී තරුණයෙක් මරුට

ගල්ගමුව මකුලෑව ප්‍රදේශයේ තරුණයෙකු විදුලි පංකාව ඇඟට වැටී විදුලි සැර වැදීමෙන් මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 39 හැවිරිදි දෙදරු පියෙකි

ඉකුත් 03 වනදා පෙරවරුවේ තම නිවසේ තිබූ විදුලි පංකාවෙහි දෝෂයක් සැකසීමට ගිය අවස්ථාවේදී විදුලි පංකාව ඇඟ මතට පෙරලී ඇත. මෙබඳු එම අවස්ථාවේදී විදුලි පංකාවෙ විදුලිය විසන්ධි නොකර තිබීම නිසා ඔහුට විදුලි සැර වැදී තිබේ.

ප්‍රධාන පැනලයේ ට්‍රිප් ස්විචය ක්‍රියාත්මක නොවිම නිසා අධික ලෙස විදුලිය ශරීරගතවී සිහිසුන් ව ගොස් ඇති අතර වහාම ක්‍රියාත්මක වූ නිවැසියන් විසින් ඔහුව ගල්ගමු මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.

වෛද්‍යවරුන් ඔහුව පරීක්ෂා කරන අවස්ථාව වන විටත් එම පුද්ගලයා මියගොස් සිටි බව වාර්තා වේ.

Leave a Reply