වෑන් රථයක් බෑවුමකට පෙරළී සරසවි සිසුවෙකු ජිවිතක්ෂයට

තරුණයින් පිරිසක් ගමන්ගත් වෑන් රථයක් බෑවුමකට පෙරළී අනතුරක් සිදුවු අනතුරකින් එක් තරුණයෙකු මියගොස් තවත් තරුණයන් හතර දෙනෙකු තුවාල ලබා තිබෙන බව කලවාන පොලිසිය පවසයි.

එම වෑන් රථයේ පස් දෙනෙකු ගමන් කර ඇති බවත්, කලවාන ගෙවල් 10 ප්‍රදේශයේදී එම අනතුර සිදුවී ඇති බව පොලිසිය පවසයි.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ කලවාන තපස්සර කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි රුහුණු විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ ඉගෙනුම ලබමින් සිටි 22 හැවිරිදි තරුණයෙකු බවද පොලිසිය පවසයි.

එම අවස්ථාවේදී රියදුරු ලෙස සිටි තරුණයාව සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් කලවාන පොලිසිය පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *