වැවක නෑමට ගිය අහුංගල්ලේ තරුණයන් දෙදෙනෙකු දියේ ගිලී මරුට

තඹුත්තේගම ලුණුවැවේ නෑමට ගිය තරුණයන් දෙදෙනකු ඊයේ (11) පස්වරුවේ දියේ ගිලී මියගොස් ඇති බව තඹුත්තේගම පොලිසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ අහුංගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි හා 27 හැවිරිදි තරුණයෙකු බවද පොලිසිය පවසයි.

මෙම තරුණයන් දෙදෙනා තඹුත්තේගම ප්‍රදේශයේ පිහිටි තම මිතුරෙකුගේ නිවසට පැමිණ සිටියදී, ලුණු වැවේ දිය නෑමට ගොස් දියේ ගිලී ඇති බවත් ඒ අවස්ථාවේදී ප්‍රදේශවාසීන් එක්ව එම තරුණයන් දෙදෙනා වහාම තඹුත්තේගම මූලික රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර තිබේ. ඒ ඒ වන විටත් ඔවුන් මියගොස් සිට තිබේ.

Leave a Reply