වැලිගම මුහුදේ යාත්‍රා දෙකක මාළු කිලෝග්‍රෑම් 1000ක් පැහැරගෙන

වැලිගම පැලෑන බද්දේවත්ත ධීවර තොටුපොළෙන් මුහුදු ගිය ධීවරයන්ට පහරදී කිලෝග්‍රෑම් 1000ක පමණ මාළු තොගයක් මුහුදු කොල්ලකරුවන් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇතැයි වැලිගම පොලිසිය පවසයි.

පැලෑන මුහුදු තීරයේ සිට සැතපුම් 5-6 ක් පමණ දුරින් නෙළාගන්නා ලද මත්ස්‍ය අස්වැන්න මිරිස්ස මුහුදේදී 20 දෙනකුගෙන් යුත් යාත්‍රා දෙකකින් පැමිණි මුහුදු කොල්ලකරුවන් පිරිසක් පැහැරගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය පරික්ෂණ පවත්වාගෙන යනු ලබයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *