වැලිගම පොලීසිය ඉදිරිපිට විරෝධතාවක්

වැලිගම,කොළේදණ්ඩ ප්‍රදේශයේ අවුරුදු 10 දැරියක් ලිංගික අපයෝජනයට ලක්කළැයි  වැලිගම පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ තරුණයන් දෙදෙනෙකු නිදහස් කරන ලෙස ඉල්ලා ඔවුන්ගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් අද (16 ) දින පෙරවරුවේ වැලිගම පොලිසිය ඉදිරිපිට විරෝධතාවයක නිරතව තිබේ.

උපකාරක පන්තියට යමින් සිටියදී කිසියම් තරුණයන් හතර දෙනෙකු දැරිය පැහැරගෙන ගොස් ලිංගික අපයෝජනයට  ලක් කොට ඇති බවද ඒ පිළිබඳ දින 14කට පමණ පසුව     වැලිගම පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී ඇති බව පොලිසිය පවසයි.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකු පොලිසිය මගින් ඊයේ (15 ) පස්වරුවේදි අත්අඩංගුවට ගෙන තිබේ

කෙසේ නමුත්  ඔවුන් නිදහස් කරන ලෙසත්  අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා මෙම පිරිස විරෝධතාවක නිරත ව තිබෙන බව වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *