වැලිගම පාසලක ගින්නක්

වැලිගම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික අරාබි කාන්තා පාසලක අද (03) පස්වරුවේ ගින්නක් හටගෙන තිබේ.

ගින්න සිදුවන අවස්ථාවේ එම පාසලේ දරුවන් 150කට ආසන්න පිරිසක් සිට ඇති අතර ඔවුන් කිසිවෙකුටත් ගින්නෙන් හානියක් සිදුව නොමැත.

ප්‍රදේශවාසීන් එක්ව කඩිනමින් ගින්න නිවාදැමීමට කටයුතු කර ඇති අතර ගින්නෙන් දේපළවලද දැඩි හානි සිදුව තිබේ.

විද්‍යාලයේ සිසු නේවාසිකාගාරයේ ඇති වු මෙම ගින්නට හේතුව මෙතෙක් ආනාවරනය නොවන අතර මෙම ගිනි ගැනිමෙන් පාසලේ සිසුන්ගේ පාසල් උපකරන හා ඇදුම් පැලදුම් වලට දැඩි හානි සිදුව තිබේ.

⁣මෙම ගින්න මැඩපැවැත්විම සඳහා මාතර නගර සභාවේ ගිනි නිවන ඒකකයේද ගින්න නිවීම සඳහා එක්ව තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලීසිය විමර්ශන සිදුකරගෙන යනු ලබයි.

Leave a Reply