වැලිගම නිවසකින් ගිනිඅවි දෙකක් අත් අඩංගුවට

වැලිගම ඉබ්බාවල මයුරගම නිවසක සඟවා තිබු විදේශිය රටක නිෂ්පාදිත පිස්තෝල දෙකක් උණ්ඩ, මැගසින් දෙකක් සහ හිස් පතරොම් කොපු හතරක් අහංගම මිදිගම පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි ලබන පොලිස් විශේෂ කාර්යාංශ නිලධාරින් විසින් අද (19) සවස අත් අඩංගුවට ගෙන ඇත.

ගිනි අවි සමග ඒවා සඟවාගෙන සිටි නිවසේ කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් හෙට (20) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

Leave a Reply