වැලිගම දී යතුරු පැදි දෙකක් මුහුණට මුහුණලා ගැටී පොලිස් නිලධාරියෙකු ජිවිතක්ෂයට

වැලිගම වැලිහිද හන්දිය ප්‍රදේශයේ යතුරු පැදි දෙකක් මුහුණට මුහුණලා ගැටී ඊයේ රාත්‍රී සිදුවු මාරක රිය අනතුරකින් පොලිස් නිලධාරියකු මිය ගොස් විදෙස් කතක් ඇතුළු තවත් අයෙක් බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මිරිස්ස සංචාරක පොලිසියේ සේවය කරන උඩුකාව දෙනිපිටිය පදිංචි 33 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි.

සේවය නිමවා නිවස බලා යමින් සිටියදි අනතුරට ලක්ව තුවාල ලැබු පොලිස් නිලධාරීයා වලාන රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබේ.

අනෙක් යතුරු පැදිය පැදවු අකුරැස්ස පදිංචි පුද්ගලයෙකු හා එහි ගමන් ගත් එංගලන්තය ජාතික කාන්තාවක් තුවාල ලබා වලාන රෝහලට ඇතුළත් කිරිමෙන් පසු ගාල්ල කරාපිටිය රෝහලට මාරු කර යවා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Leave a Reply