වැලිගම වෙඩි තැබීමකින් සැරයන්වරයෙකු මරුට

වැලිගම ජඹුරේගොඩ ප්‍රදේශයේදි අද (31) අලුයම හෝටලයක් අසල සිදුවු වෙඩි තැබිමකින් කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයක්ත පොලිස් සැරයන්වරයෙකු මියගොස් උප පොලිස් පරික්ෂකවරයෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇත.

වැටලිමක් අතරතුර වෑන් රථයකින් පැමිණි පිරිසක් අදාළ හෝටලය දෙසට වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන්.

එහිදි වෙඩි වැදුන සැරයන්වරයා මියගොස් ඇති අතර තුවාල ලැබු උප පොලිස් පරික්ෂකවරයා කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති බවත් පොලිසිය පවසයි.

සිද්ධිය පිළිබඳව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Leave a Reply