වැලිගමදී වෑන් රථයක් අධි බලැති විදුලි කණුවක ගැටී රියදුරු කරාපිටියට

මාතර සිට අහංගම දෙසට අධික වේගයෙන් ධාවනය කරමින් තිබු වෑන් රථයක් ඊයේ (26) රාත්‍රියේ ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආසන්නයේදී එහි රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ නවතා තිබූ මෝටර් රථයකද ගැටී අධිබල විදුලි කණුවක ගැටී අනතුරක් තිබෙන බව පොලිසිය පවසයි.

අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථයේ රියදුරු පමණක් ගමන් කොට ඇති අතර ඔහු වෑන් රථයේ සිරවී සිට ඇත. වෝල්ට් 11,000 විදුලි කණුවක මෙලෙස ගැටී තිබේ.

පසුව පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රමයක් යොදා රියදුරුව වෑන් රථයෙන් පිටතට ගෙන වලාන රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුරට ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහලට මාරු කර යවා තිබේ.

අනතුරත් සමග විදුලි කණුව මාර්ගය හරහා ඇද වැටී ඇති අතර මේ හේතුවෙන් වැලිගම නගරයේ සිට පැලෑන වටරවුම දක්වා රථවාහන ගමනාගමනයට බාධා එල්ල තිබේ.

අනතුරින් අධිබල විදුලි රැහැන් පද්ධතියට අයත් විදුලි කණු දෙකකට හානි සිදුව ඇති අතර වැලිගම ප්‍රදේශ කිහිපයකට විදුලි විසන්ධි වීමක් ද සිදුව තිබේ.

අනතුර සම්බන්ධයෙන් වැලිගම පොලිසිය පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි

Leave a Reply