වාරියපොළින් තරුණයින් දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවෙයි

වාරියපොළ මිනුවන්ගැටේ වල්පාලුව ප්‍රදේශයේ තරුණ‍යින් දෙදෙනෙකුගේ මිය ගිය මළ සිරුරු දෙකක් හමු වී තිබෙන බව පොලිසිය පවසයි.

වාරියපොළ මිනුවන්ගැටේ ප්‍රදේශයේ කුඹුරක් ආසන්නයේ පිහිටි පතලක තිබී මෙම සිරුරු සොයාගෙන ඇත

අදාළ පුද්ගලයින් වයස අවුරුදු 35ත් 40ත් අතර වයස්වල පසුවන්නන් බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබේ.

මෙම පුද්ගලයින් දෙදෙනා පෙරේදා (10) සිට අතුරුදන්ව සිට ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.

වාරියපොළ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලබයි.

Leave a Reply