වායු රයිෆලයකින් වෙඩි වැදි කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලැබු දරුවා මරුට

කතරගම – දෙටගමුව ප්‍රදේශයේදී සිය බප්පා අතැතිව තිබූ වායු රයිපලයක් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීම හේතුවෙන් බරපතල තුවාල ලබා හම්බන්තොට මහ රෝහලේ සිට ගාල්ල කරාපිටිය රෝහලට මාරුකර යැවු පස්හැවිරිදි දරුවා මියගොස් තිබෙන බව පොලිසිය පවසය.

ඊයේ (16) පස්වරුවේ මෙලෙස වෙඩි වැදුණු දරුවා පලමුව දෙබරවැව රෝහලටත් පසුව හම්බන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

වෙඩි වැඳීමෙන් දරුවාගේ හිසට බරපතල තුවාල සිදුවී තිබු බව කරාපිටිය රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය

Leave a Reply