ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් නිර්මාණය කර කුඩා දැරියන්ගේ ඡායාරූප අවභාවිතා කර හිංසනයට ලක් කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, පරිගණක අපරාධ කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය පවසයි.
අත් අඩංගුවට ගත් සැකකරු ගිණුම් ලිපිකරුවකු වශයෙන් සේවය කරන 40 හැවිරිදි එක් දරු පියෙකි.
මුහුණු පොතක පළකර තිබූ තම කුඩා දියණිය ගේ ඡායාරූපයක් ව්‍යාජ ෆේස්බුක් පිටුවක පළ කර සම්මතයට නොගැලපෙන විවිධ වාක්‍ය සහ පරුෂ වචන ඇතුළත් විවිධ වාක්‍ය යොදා අන්තර්ජාලයට යොමු කර ඇති බවට පියකු කරන ලද පැමිණිල්ලක් කර තිබූ බව පොලිසිය පවසයි.
ඒ අනුව සිදුකළ මූලික විමර්ශනවලදී සැකකරු ඒ ආකාරයෙන් කුඩා දැරියන්ගේ ඡායාරූප ව්‍යාජ ෆේස්බුක් ගිණුමට යොදා දැරියන් වෙනුවෙන් ඉතා පහත් ලෙස අදහස් ඇතුළත් වැකි යොදා තිබූ බව පොලිසිය පවසයි.