වසර 50ක් පුරා විශාල තටාකයකට සිර කර සිටි ලෝලිටා යලිත් මහ මුහුදට

තටාකයක ජිවත් වු ලොව වයස්ගතම මිනීමරු තල්මසා ලෙස සැලකෙන ලෝලිටා නැමැති මිනීමැරු තල්මසා යළිත් වයඹදිග පැසිෆික් මුහුදු කලාපයට නිදහස් කිරීමට පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම සත්ත්වයාව ලෝක සත්ත්ව විද්‍යාඥයින් හැඳින්වූයේ වහල්භාවයේ වසර 50ක පමණ කාලයක් සිර වී සිටි සත්ත්වයා ලෙසයි. ඒ අනුව ෆ්ලොරිඩා මියාමි වෙරළ තීරයේ දී මෙම මිනීමරු ලෝලිටාව නිදහස් කෙරුණු බව එම වාර්තා සඳහන් කළේය.

සත්ත්ව විද්‍යාඥයින්ගේ මතයට අනුව මෙම සත්ත්වයාගෙ වයස දැනට අවුරුදු 56කි. සත්ත්ව සුබසාධන ක්‍රියාකාරීන් ලෝලිටා නමැති ගැහැණු තල්මසාව නිදහස් කරන ලෙසට වසර ගණනාවක සිට බලපෑම් එල්ල කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙසයි මෙම සත්ත්වයාට මියාමි මින්මැදුරෙන් නිදහස පසුගියදා හිමිවිය.

කෙසේ වෙතත් මියාමි මින්මැදුර නිවේදනය කළේ ඉදිරි වසර දෙකේ දී මෙම භූමියට යළිත් ලෝලිටාව ගෙන ඒමට සූදානම් බවයි.

බ්‍රහස්පතින්දා, මින්මැදුර නිවේදනය කළේ ඉදිරි වසර දෙක තුළ ඕර්කා නැවත ඇගේ ස්වාභාවික වාසභූමියට ගෙන ඒමේ ක්‍රියාවලිය ආරම්භ කරන බවයි.

ලොලිටා 1970 වර්ෂයේ දී අල්ලා ගනු ලැබිය

Leave a Reply