වසර 53ක් තටාකයක සිට නිදහස ලබා මහ මුහුදට යෑමට සුදානම් වු Lolita මියයයි

තටාකයක ජිවත් වු ලොව වයස්ගතම මිනීමරු තල්මසා ලෙස සැලකෙන ලෝලිටා නැමැති මිනීමැරු තල්මසා යළිත් වයඹදිග පැසිෆික් මුහුදු කලාපයට නිදහස් කිරීමට සුදානම් වෙමින් සිටියදි ඊයේ (18) මියගිය බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.

මෙම දැවන්තයාගේ මරණය සත්ව සුබසාධන ක්‍රියාකාරීන්ගේ හා සංවිධානවලට දැඩි කම්පනයක් ඇති කර ඇති බවද එම වාර්තා සඳහන් කළේ ය.

මෙම සත්ත්වයාව ලෝක සත්ත්ව විද්‍යාඥයින් හැඳින්වූයේ වහල්භාවයේ වසර 50ක පමණ කාලයක් සිර වී සිටි සත්ත්වයා ලෙසයි. ඒ අනුව ෆ්ලොරිඩා මියාමි වෙරළ තීරයේ දී මෙම මිනීමරු ලෝලිටාව නිදහස් කරන බව මියාමි මින් මැදුර අප්‍රේල් 2 වනදා නිවේදනය කලේය.

ඉදිරි වසර දෙක තුළ ඕර්කා නැවත ඇගේ ස්වාභාවික වාසභූමියට ගෙන යෑම සදහා ලෝලිටා සුදානම් කරමින් සිටියදි මෙලෙස මියගොස් තිබේ.

සත්ත්ව විද්‍යාඥයින්ගේ මතයට අනුව මෙම සත්ත්වයාගෙ වයස දැනට අවුරුදු 56කි. සත්ත්ව සුබසාධන ක්‍රියාකාරීන් ලෝලිටා නමැති ගැහැණු තල්මසාව නිදහස් කරන ලෙසට වසර ගණනාවක සිට බලපෑම් එල්ල කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම සත්ත්වයාට මියාමි මින්මැදුරෙන් නිදහස් කරන බව නිවේදනය කලේය.

1970 දී වොෂින්ටන් ප්‍රාන්තයට ඔබ්බෙන් වූ මුහුදේදී මිනීමරු තල්මසා අල්ලා ගන්නා ලද අතර මිය යන විට එම සත්වයාගේ වයස අවුරුදු 57 පමණ බවද එම වාර්තා සඳහන් කළේය

Leave a Reply