වවුලන්ගෙන් මිනිසුන්ට බෝවන නව වෛරසයක් තායිලන්තයෙන්

මිනිසුන්ට ආසාදනය විය හැකි නව වෛරසයක් තායිලන්තයේ වවුලන් අතරින් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේය.

තවමත් නම් කර නොමැති මෙම නව වෛරසය තායිලන්ත ගොවීන් තම කුඹුරුවලට පොහොර පිණිස වවුල් අසූචි ලබා ගන්නා ගුහාවකින් සොයාගෙන ඇති බවයි එම වාර්තා සදහන් කළේ.

චීනයේ වූහාන්හී කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කළ විශේෂඥ කණ්ඩායමක් විසින් අදාළ වෛරසය සොයාගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැවති රැස්වීමක දී නිව්යෝක්හි රාජ්‍ය නොවන සෞඛ්‍ය සංවිධානයක ප්‍රධානියෙකු වන වෛද්‍ය පීටර් ඩසාක් පවසා තිබෙන බව එම වාර්තා සඳහන් කළේය.

අලුතින් සොයාගත් මෙම වෛරසය Covid-19 හි සමීප ඥාතියෙකු වන අතර, කොරෝනා වෛරසය ඇති ආකාරයටම මිනිසුන්ට ආසාදනය කිරීමේ හැකියාවක් ඇති බවට විශ්වාස කරන බව එම විශේෂඥ කණ්ඩායම උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් එම විශේෂඥ කණ්ඩායම වැඩිදුරටත් පර්යේෂණ සිදුකරනු ලබන බව එම වාර්තා සඳහන් කළේය.

Leave a Reply