වලස් ප්‍රහාරයකින් පුද්ගලයෙකු රෝහලට

යාල රක්ෂිතයේ අතුරු මිතුරු වැව ප්‍රදේශයේ අද (26) මී කැඩීම සඳහා ගොස් ගසක් යට නිදා සිටි පුද්ගලයකුට වලසෙකු කළ කළ පහරදීමකින් තුවාල ලබා මොණරාගල සිරිගල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි

මෙලෙස තුවාල ලබා ඇත්තේ මයිලගම, කතරගම පදිංචි පුද්ගලයෙකි

වලසා සපාකෑමෙන් තුවාලකරුගේ හිස, අත, කකුල හා බඩ ප්‍රදේශයට තුවාල සිදු වී ඇති අතර ඔහු කතරගම රෝහලට ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මොණරාගල සිරිගල මහ රෝහලට ඇතුළත් කර තිබේ.

Leave a Reply