වරායෙන් මුදා නොගත් මිලියන 72ක් වටිනා කහදොඩම් රෝහල්වලට

ආනයනය කර වරායෙන් මුදා නොගත් බහාලුම් 3ක තිබු මිලියන 72ක් පමණ වටිනා කහදොඩම් කිලෝග්‍රෑම් 72000ක් මෙරට රෝහල්වලට බෙදා හැරීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා හට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා භාරදී තිබේ.

කොළඹ ජාතික රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල, මහරගම අපේක්ෂා රෝහල ඇතුළු පළාත් බද රෝහල් 60කට පමණ මෙම දොඩම් බෙදා හැරීමට සැලසුම් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය ප්‍රදානයන් පිළිබඳ අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි සඳහන් කර තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *