වන අලි ප්‍රහාරයෙන් තරුණියක් මියයෑමේ සිද්ධියට දෙදෙනෙක් අත්අඩංගුවට

කොස්ලන්ද උඩදියලුම ප්‍රදේශයේ ඊයේ (11) රාත්‍රි කඳවුරු බැඳසිටි තරුණ යුවළකට එල්ලවූ වනඅලි ප්‍රහාරයකින් තරුණිය ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම යුවළට අනාරක්ෂිත ලෙස කඳවුරු බැඳීමට සහාය පළකළ බවට පැවසෙන වයස අවුරුදු 24 සහ 32 හැවිරිදි වියේ පසුවන ප්‍රදේශවාසීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

සිදුකළ මූලික විමර්ශනවලට අනුව මෙම යුවළ කඳවුරු බැඳ ඇත්තේ, කූඩාරම් අටවන භූමියෙන් පරිබාහිර ප්‍රදේශයක බව පොලිසිය පවසයි.

එමෙන්ම මෙම යුවළ එම ප්‍රදේශයට පැමිණීම සඳහා කිසිදු මගපෙන්වන්නෙකුගේ සහාය ද ගෙන නැති බව අනාවරණ වී තිබේ. 

දියතලාව මූලික රෝහලේ තැම්පත් කර ඇති තරුණියගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.

ඒ සම්බන්ධ පෙර පුවත

කැම්පින් ගිය යුවළට වන අලි ප්‍රහාරයක් – තරුණිය මරුට තරුණයාට බරපතළයි

Leave a Reply