කුපිත වු වන අලියා වන ජිවි නිලධාරියාගේ ජිවිතය බිලිගනි

ගලෙන්බිඳුණු වැව පඩිකාර මඩුව මහා මහා විද්‍යාලය ආසන්නයේ පිහිටි අඹකොළ හන්දිය ප්‍රදේශයට කඩාවැදුණු විශාල වන අලි රංචුවක් පලවා හැරීමට පැමිණි රිටිගල වනජීවී කාර්යාලයේ වනජීවි නිලධාරියෙකුට වන අලියකු පහරදීමෙන් ඔහු මියගොස් ඇතැයි  පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මාතලේ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි වනජිවි ආරක්ෂක ප්‍රධානියෙකි.

වනජීවී නිලධාරීන් විසි දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් මෙම වන අලි රංචුව පලවා හැරීමට අලිවෙඩි ගසා ඇතැයි පොලිසිය පවසයි.

අලි වෙඩි ප්‍රහාර හමුවේ කුපිත වූ අලියකු වනජීවී නිලධාරීන් පසුපස පන්නාගෙන පැමිණි අවස්ථාවේ වනජීවී නිලධාරීන් දිව ගොස් ඇතැයි ද පොලිසිය පවසයි.

Leave a Reply