වන අලියා ජීවිතයක් බිලිගනී

වන අලි ප්‍රහාරයකින් පුද්ගලයකු මිය ගොස් ඇති බව තම්බුත්තේගම පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ තඹුත්තේගම,  තෙල්හිරියාව ගැමුණුපුර පදිංචි 59 හැවිරිදි අයෙකු බවද පොලිසිය පවසයි.

කුඹුරුයායක් ආසන්නයේදී මෙම වන අලි ප්‍රහාරයට ලක්ව ඇති අතර අනතුරින් පසු තුවාලකරු ත්‍රීරෝද  රථයකින් තඹුත්තෙගම මූලික රොහලට ‍රැගෙන ගොස් තිබේ.

තුවාලකරු රෝහලට ඇතුලත් කරන අවස්ථාවේදි මියගොස් සිට තිබේ.

මෙම ප්‍රදේශයේ වන අලි ප්‍රහාරයෙ සිදුවු තුන්වන මරණය බවත් මීටපෙර වනජීවී නිළධාරියෙකු ඇතුළු ගොවි මහතෙකුද මිය ගිය බව ප්‍රදේශවාසීන් පවසයි.

Leave a Reply