වනවාටු දූපත ප්‍රබල භූමිකම්පාවකින් කැලැඹේ

පැසිෆික් සාගරයේ පිහිටි වනවාටු දූපත් රාජ්‍යයේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.8 ප්‍රබල භූමි කම්පාවක් සිදුව ඇතැයි ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

වනවාටු දුපතේ බටහිරින් පිහිටි වරාය නගරයක් වන Luganville සිට කිලෝමීටර 81 ක පමණ දුර මුහුදු ප්‍රදේශයේ මෙම භූ චලනය කිලෝමීටර් 10ක පමණ ගැඹුරින් සිදුව ඇතැයි එහි සඳහන්.

මේ අතර මෙම භූ චලනයෙන් ඔස්ට්‍රේලියාවට හෝ අවට කලාපයට සුනාමි අවදානමක් නොමැති බව ඔස්ට්‍රේලියානු කාලගුණ කාර්යාංශය නිවේදනය කළේය.

මෙම ප්‍රබල භූ චලනයෙන් පසු රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 5.4ක පසු කම්පනයක්ද හටගෙන ඇතැයි ඇමරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පැවසීය.

Leave a Reply