වතුර කරාමයෙන් වතුර පිටවන ශබ්දය ඇසී ඒ ගැන විපරම් කර බැලීමට ඉකුත් 22 දා අලුයම 4.00ට පමණ නිවසින් පිටතට පැමිණි කාන්තාවක් කිසියම් පුද්ගලයෙකු විසින් අල්ලා තාප්පෙට හේත්තු කර ගෙලේ බැන්ද සිටි රන් මාලය කඩාගෙන පලාගොස් ඇත හික්කඩුව පොලීසිය පවසයි.
දොඩන්දූව වැලිකන්ද ප්‍රදේශයේ පදිංචි හතළිස් හැවිරිදි කාන්තාවක් මේ බව හික්කඩුව පොලීසියට පැමිණිලි කර ඇති අතර මාල වටිනාකම රුපියල් දෙලක්ෂ තිස්දහසක් පමණ බව පැමිණිල්ලේ සදහන්ය.
ගෙවත්තට පෙරේදා අලුයම හතරට පමණ ඇතුළු වූ පුද්ගලයෙකු නිවසේ ඉදිරිපිට ඇති ජල කරාම විවෘත කර එයින් ජලය ගලායාමට සලස්වා උපක්‍රමශීලී ලෙස ඇය නිවසින් පිටතට ගෙන්වාගෙන ඇති බව පරීක්ෂණවලින් පෙනී යන්නේ යැයි පොලිසිය පවසයි.
හික්කඩුව පොලීසියේ අපරාධ විමර්ශන අංශය නිලධාරී කණ්ඩායමක් මාලය කඩාගෙන පළා ගිය සැකකරු අත්අඩංගුවට පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි