වත්තකට පැන ලක්ෂ හතක අඹ කැඩු 4 දෙනෙකු අත්අඩංගුවට

සුරියවැව මදුනාගල ප්‍රදේශයේ ගොවි පොළක අක්කර 20ක විස්සක පුරා අඹ වගා කර ඇති භූමියකට හොර රහසේ ඇතුළු වී රුපියල් ලක්ෂ 7 කට ආසන්න අඹ තොගයක් කඩා ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙම සැකකරුවන් සිව්දෙනා පෙරේදා (27) පසුවරු 6.00 ට පමණ මෝටර් රථයකින් පැමිණ මෙම අඹ වගා භූමියට ඇතුළු වී මෙලෙස අඹ කඩාගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ලැබුණු ගොවිපොළේ හිමිකරුට ලැබුණු තොරතුරකට අනුව ප්‍රදේශවාසීන් සමඟ එක්ව සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් සූරියවැව සහ හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් සූරියවැව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply