වගා ළිදකට වැටී සිටි වන අලින් 4 දෙනෙකු බේරාගනි

වවුනියාව, සෙට්ටිකුලම ප්‍රදේශයේ වගා ළිඳකට වැටුණු වලි අලි හතරදෙනකු බේරා ගැනීමට  වවුනියාව වනජිවි නිළධාරීන් විසින් පියවර ගෙන තිබේ

විශාල අලි දෙදෙනකු හා අලි පැටවුන් දෙදෙනකු ළිඳකට වැටී ඇති බවට ලද තොරතුරක් මත අදාල ප්‍රදේශයට ගොස් එම වල්අලින් බේරා ගැනීමට හැකිවු බව වවුනියාව වනජිවි නිළධාරීන් ප්‍රකාශ කර තිබේ.

ගවයින් බැලීමට ගිය පිරිසක් පළමුව අලි රංචුව ළිඳට වැටී ඇති බව දැක වව්නියාව වනජිවි නිළධාරීන් දැනුවත් කොට තිබිණ

ආහාර සොයා පැමිණි අලි රංචුව 26 වැනිදා රාත්‍රියේ වගා ළිඳට වැටෙන්නට ඇති බවට සැක කරන බවත් බැකෝ යන්ත්‍රයකින් ළිඳේ කොටසක් කපා අලි ගොඩ ගැනීමට කටයුතු කළ බවද වනජිවි නිළධාරීන් සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *