ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අඩුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය

ඒ අනුව අද (13) බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 85.65ක් ලෙසද, වෙස්ට් ටෙක්සාස් ඉන්ටමීඩියෙට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 78.99ක් වශයෙන්ද සටහන් විය.

අමෙරිකාවේ උද්ධමනය පාලනය කිරීම සඳහා එරට මහ බැංකු බලධාරීන් පොලි අනුපාතික ඉහළ දමා ඇති පසුබිමක ඉල්ලුම අඩුවීමෙන් බොර තෙල් මිල පහළ ගොස් ඇති බව විචාරකයින් ප්‍රකාශ කර තිබේ.

Leave a Reply