ලෝක වෙ‌‌ළෙදපොලේ බොරතෙල් මිල පහළට

ලෝක වෙ‌‌ළෙදපොලේ අද (14) බ්‍රෙන්ට් සහ W.T.I බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 80 සීමාවට පැමිණ තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 80.01 ක් වූ අතර W.T.I බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 74.05 ක් විය.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සතියකට පෙර ඩොලර් 86.26ක් ලෙස සටහන් විය.

W.T.I බොරතෙල් බැරලයක මිල ද මිට සතියකට පෙර ඩොලර් 80.46ක් ලෙස දැක්වුණි.

Leave a Reply