ලෝක පාපන්දු ඉතිහාසයේ පෙරළිකාර කණ්ඩායමක් වු ක්‍රොඒෂියාව

කලින් පැවති යුගොස්ලාවියාව 1990 දක්වාම පාපන්දු ක්‍රීඩාවෙන් ප්‍රබල රාජ්‍යයක්වූ අතර එම රාජ්‍යය රටවල් 6කට කැඩී යෑමෙන් පසු 1994 ලෝක ශූරතාව සඳහා ඉන් එක් රාජ්‍යක් හෝ සහභාගිවුයේ නැත.

එහෙත් 1998 ප්‍රංශයේ පැවති තරගමාලාව සඳහා ස්වාධීනවූ ‍ක්‍රොඒෂියාව සහභාගී විය. පළමු වටය පහසුවෙන් තරණය කළ ඔවුන් දෙවැනි වටයේදී රුමේනියාව 1-0ක් ලෙසද, අර්ධ අවසන් පූර්ව වටයේදී ප්‍රබල ජර්මානු කණ්ඩායම 3-0ක් ලෙසද පරාජය කරමින් අවසන් පූර්ව වටය දක්වා පැමිණියේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ ආකාරයටය.

අවසන් පූර්ව තරගයේදීද පළමු අර්ධය අවසන්වන විට ඔවුන් 1-0ක් ලෙස පෙරමුණේ සිටියත් දෙවන අර්ධයේ ප්‍රංශයේ ලිලියන් තූලම් විසින් වාර්තා කරන ලද ගෝල දෙක නිසා ඔවුන්ගේ අවසාන මහා තරගයට තිබූ බලාපෙරොත්තු ගිලිහී ගියේය.

එහෙත් පළමු වතාවට ලෝක ශූරතා පාපන්දු තරගාවලියකදී ක්‍රොඑෂියාව කළ පෙරළිය විස්මය ජනකය

2018 වසරේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබු ක්‍රොඒෂියාව ප්‍රංශය අතින් පරාජයට පත් විය.

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ පළමු තරගයේදී දඬුවම් පහර විදීමේ දී බ්‍රසීලය ගෝල 4-2 ලෙසින් පරාජය කළ ක්‍රොඒෂියාව ලෝක කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නට සමත් වුනේ පස් වරක් පාපන්දු ලෝක කුසලානය දිනා ගත් බ්‍රසීලයේ ලෝක කුසලාන ගමන නිමා කරමින.

Leave a Reply