ලෝක දියවැඩියා දිනය (නොවැම්බර් 14) අදයි

ලෝක දියවැඩියා දිනය අදට (14) යෙදී ඇත. “දැනුවත් වී ආරක්ෂා වෙමු” යන්න මෙවර දියවැඩියා දිනයේ තේමාවයි.

2007 දී එක්සත් ජාතීන්ගේ 61/225 යෝජනාව සම්මතවීමෙන් එතැන් පටන් සෑම වසරකම නොවැම්බර් 14 දා ලෝක දියවැඩියා දිනය ලෙස නම් වූ අතර, 1922 දී චාල්ස් බෙස්ට් සමඟ ඉන්සියුලින් සොයා ගත් ශ්‍රීමත් ෆෙඩ්‍රික් බැංටින්ගේ (මෙම සොයාගැනීමට චාර්ල්ස් බෙස්ට් ද දායක විය) උපන් දිනය වන නොවැම්බර් 14 දින ලෝක දියවැඩියා දිනය සමරනු ලබයි.

පසුගිය දශකය තුළ දියවැඩියා රෝගය අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල වේගයෙන් ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකාව තුළ ද දියවැඩියා තත්ත්වය දිනෙන් දින ඉහළ යන බවක් පෙන්වයි. වැඩිහිටියන් පමණක් නොව තරුණ තරුණියන් සහ කුඩා දරුවන් පවා දියවැඩියාව රෝගයට ගොඳුරු වෙයි.

Leave a Reply