ලෝක තරබාරු දිනය අදයි

ලෝක ස්ථුලතා දිනය සෑම වසරකම මාර්තු මස 04 වන දිනට එනම් අද දිනට යෙදී තිබේ.

ලෝකයේ වැඩිහිටි ජනගහනයෙන් බිලියන 1.9කට වඩා වැඩි ප්‍රමාණයක් අධිබර සහිත පුද්ගලයින් වන අතර ඉන් මිලියන 650ක් ස්ථුලතාවයෙන් පෙළෙන බව ජාතික දියවැඩියා මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන පැවසුවේය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන මෙම අදහස් පළ කළාය.

“මේකේ වැදගත්කම වෙන්නේ, හැමෝම දන්න විදියට ස්ථූලතාවය නැත්නම් තරබාරු කියන වචනය තමා වැඩිය හොඳ. මේ තරබාරුබව විශාල ප්‍රශ්නයක් විදියට දැන් මතුවෙමින් පවතිනවා. මේ නිසා ඇතිවෙන ලෙඩ රෝග ප්‍රමාණයත් වැඩිවෙලා. ලෝකයේ බිලියන 1.9ක් බර වැඩි පුද්ගලයින් ඉන්නවා. ඉන්නවා මිලියන 650ක් තරබාරු බැවින් පෙළෙනවා. එහෙම ගත්තාම ලෝක ජනගහණනේ 39.%ක් අධි බර සහිත පුද්ගලයින් වන අතර එයින් 13%ක් තරබාරුයි.”

මෙරට තුළ ද මෙම තත්ත්වය අහිතකර ලෙස දක්නට ලැබෙන බව වෛද්‍ය ශාන්ති ගුණවර්ධන පැවසුවේය.

“ලංකාවේ තත්ත්වය ගත්තොත්, සෞඛ්‍ය අමාත්‍යාංශය, ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සෑම අවුරුදු 5කට වරක්ම බෝ නොවන රෝගවලට පාදකවන අවධානම් කාණ්ඩ හඳුනාගැනීමේ පරීක්ෂණයක් කරනවා. එතනදි අපි බැලුවහම බර වැඩි සහ තරබාරු අය ගත්තහම 2015ට සාපේක්ෂව අපිට දකින්න ලැබෙනවා වැඩිවීමක්. 2015 දී අවුරුදු 18 – 69ත් අතර පුරුෂයින් 24%ක් වෙලා තිබුණා බර වැඩි සහ තරබාරු පුද්ගලයින්. එය 2021 වන විට 30%ක් දක්වා වැඩිවෙලා තියෙනවා. ඒ එක්කම කාන්තාවන් 2015 දී 34%ක් පැවති අගය 2021 දී 46.7%ක් දක්වා වැඩිවෙලා තියෙනවා. මේකේ විශේෂත්වය වන්නේ තරබාරුව වැඩිවීම බෝ නොවන රෝග ඇති වීමේ අවධානම වැඩිකරනවා.”

Leave a Reply