ලෝක ඒඩ්ස් දිනය අදයි ඒඩ්ස් ගැන දැනගන්න කියවන්න

ලෝක ඒඩ්ස් දිනය අදට (01) යෙදී තිබේ.”සමානාත්මතාව සුරකිමු” යන්න මෙවර ලෝක ඒඩ්ස් දිනයේ තේමාව ය.

HIV යනු කුමක්ද ?

HIV යනු වෛරසයක් වේ. HIV යනු මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසයයන යන්නය. HIV වැනි වෛරස් තනිව වර්ධනය වීමට හෝ ප්‍රතිනිර්මාණය වීමට නොහැකි, ඔවුන්ට තමන්ගේ නව පිටපත් නිර්මානය කිරීම සඳහා ජීවී සෛල ආසාදනය කළ යුතුයි. මානව ප්‍රතිශක්තීකරණ පද්ධතිය සාමාන්‍යයෙන් වෛරස මර්දනය කරන නමුත්, HIV ප්‍රතිශක්තිකරණ පද්ධතියටම පහරදෙන බැවින් එය මර්දනය කිරීමට නොහැකිය.

ඒඩ්ස් යනු කුමක්ද ?

ඒඩ්ස් රෝගී තත්වයකි. ඒඩ්ස් යන්නෙන් අදහස් කරනුයේ නතූකරගත් ප්‍රතිශක්ති ඌනතා සහ ලක්ෂණය යන්නය. යම් පුද්ගලයකුට HIV ඇති බවට නිශ්චය කරනුයේ ඔහුගේ/අයගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය රෝගවලට ඔරොත්තුදීමට නොසුදුසු මට්ටමකටවිටය දුර්වලවූ විටය.

ඒඩ්ස් රෝග ලක්ෂණ මොනවාද ?

යම් පුද්ගලයෙකුට අවස්ථාවාදී ආසාධන හෝ ඒඩිස් සම්බන්ධ පිළිකා ඇතිවිට, ඒඩ්ස් රෝගය වැළඳී ඇති බවට නිර්ණය කරේ.මෙම අසාදන ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වූ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා නිසා ‘අවස්ථාවාදී’ ආසාදන ලෙස හැඳින්වේ.

අතැම්විට අවස්ථාවාදී ආසාධන නොමැති විටද AIDS රෝගය නිර්ණය කලහැක. පුද්ගලයෙකුගේ රුධිරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇති සෛල (CD4 සෛල) සංඛ්යාව එක්තරා මට්ටමකට පහළ වැටෙන විට ඒඩ්ස් රෝග විනිශ්චය කල හැක.

ඒඩ්ස් සදහා ප්‍රතිකාර තිබෙනවා ද?

බොහෝ මිනිසුන් AIDS රෝගය සදහා ප්‍රතිකාරයක් ඇති බවට වැරදි මතයක සිට අවදානම් හැසිරීම් වල යෙදෙන නමුත් AIDS සදහා ප්‍රතිකාරයක් නොමැත. ආරක්ෂිතව සිටීමේ හොදම මාර්ගය වනුයේ HIV සම්ප්‍රේෂණය වන විධි පිළීබදව දැනුවත්වී සිටීමයි.

වෛරසය ගුණනය වීම පාලනය කිරීමට ප්‍රති වෛරස ඖෂධ ඇත. එමගින් ශරීරයේ ඇති වෛරස ප්‍රමාණය පහත හෙලන අතර, ප්‍රතිශක්තිය නැවත නගාසිටුවා රෝගියාගේ පැවැත්ම දීර්ඝ කෙරේ.මෙම  ඖෂධ මගින් සම්පූර්ණයෙන්ම එචි අයි වෛරසය මරා දැමිය නොහැකිය.

HIV වෛරසය AIDS රෝගී තත්ත්වය ඇති කිරිමට කොපමන කලයක් ගතවේද ?

කිසිම ප්‍රතිකාරයක් නොගෙන සිටින එච්.අයි.වී ආසාදිත පුද්ගලයන්ගෙන් අඩකට පමණ, වසර 10 ක් ඇතුළත ඒඩ්ස් රෝගී තත්වය ඇතිවේ. මෙම කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට විශාල වශයෙන් වෙනස් වේ, බොහෝ සාධක මත රඳා පවතී. ධාරක විශේෂිත සාධක සහ වෛරස් විශේෂිත සාධක HIV ආසාදනය ප්‍රගමනය කෙරෙහි බලපෑම් ඇති කරේ.

ප්‍රතිවෛරස ඖෂධ මගින් එච්.අයි.වී. ආසාදනයේ සිට ඒඩ්ස් රෝගී තත්වය දක්වා ප්‍රගමනය වීමට ගතවන කාලය බොහෝසේ වැඩිකර ඇත.

ශරිරයෙන් පිටිත HIV වෛරසයට පැවත්මක් තිබේද ?

HIV විද්‍යාගාර තත්වයන් තුළ හෝ, ජීවී මිනිස් සිරුර තුල හැර ජීවී තත්වයෙන් පැවතිය නොහැක. (සුදුසු තත්ව යටතේ එසේ විය හැකි බොහෝ බැක්ටීරියා හෝ දිලීර, මෙන් නොව) ඒ නිසා, එය මිනිස් සිරුරෙන් බැහැරව HIV වෛරසය පැතිර යාම හෝ නඩත්තු කටයුතු කිසිවක් සිදු නොකෙරේ.එනිසා HIV වෛරසයට ශරීරයෙන් පිටත පැවැත්මක් නැත.

HIV වෛරසය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට වැළදෙන්නේ කෙසේද?

ආසාදනය වූ කෙනෙකු සමඟ අනාරක්ෂිත ලිංගික සබඳතා මගින් බෝවේ. මෙය අපේ රටේ ජනතාව තුල බහුලවම බෝවන ක්‍රමය වේ.

HIV ආසාධිත මවකගෙන් ගර්භණී කාලයේ දී, දරු ප්‍රරසූතියේදී සහ මව් කිරි දීමේදී HIV අසාදනය සිදුවිය හැක.

රුධිරය හෝ රුධිර නිෂ්පාදන, ශුක්‍ර පරිත්‍යාග (කෘත්‍රිම ලෙස පැටවුන් බෝකිරීමෙන්), සම grafts හෝ ආසාදනය කළ කෙනෙකුගේ ඉන්ද්‍රීයන් බද්ධ කිරීම්, ජීවානුහරණය නොකරන ලද එන්නත් කටු මගින් හෝ අසාදිත රුධිර පාරවිලයනය මගින් HIV වෛරසය බෝවීම සිදුවේ.

HIV ආසාධිත කාන්තාවක් තම කුස තුල සිටින බිලිදාට හෝ අළුත උපන් දරුවාට ලබා දෙන මව්කිරි මගින් HIV වෛරසය බෝවිය හැකිද?

ආසාධිත කාන්තාවකට එම වෛරසය තම කුසතුල සිටියදී මෙන්ම බිහිවිමදී එම ළදරුවාට අසාදනය කලහැක. එසේම ලබා දෙන මව්කිරි මගින්ද වෛරසය පැතිරේ.

කෙසේ නමුදු එම කාන්තාව ඒ බව කලින්ම දැන සිටියේ නම්, නියමිත ඖෂධ භාවිතා කිරීමෙන් දරුවාට වැළදීමේ හැකියාව ඉතා හොදින් අඩු කර ගත හැක. මෙම අවදානම තවදුරටත් අඩුකර ගත හැකි ක්‍රමවේදය වනුයේ සිසේරියන් සැත්කමට මුහුණදීම මෙන්ම දරුවාට මව්කිරි ලබාදීමෙන් වැලකී සිටීමයි.

 අද පවතින වාතාවරණය සැකසී ඇත්තේ ඉපදී මාස 06ක් යනතුරු මව්කිරි ලබාදීම අනිවාර්යය කිරීමයි. එසේ වුවද ප්‍රතිවෛරස ඖෂධ ලබාගැනීම තුලින් මවකට තම ශරීරය තුල අවම ප්‍රමාණයෙන් වෛරසය පාලනය කර ගැනීම තුල ළදරුවාට ලබා දෙන මව්කිරි වල අවම තත්වයේ වෛරස් ප්‍රමාණයක් පවත්වා ගැනීම සිදුකල හැක.

මෙම HIV පරීක්ෂණය සිදුකර කර ගත හැක්කේ කොහේදීද?

මෙම පරීක්ෂණය ලංකාව පූරා ඇති ලිංගාශ්‍රිත රෝග සායනයන් මගින් සිදුකර ගතහැක. සමහර පුද්ගලික රසායනාගාර වලදීද මෙම පරීක්ෂණය සිදුකර ගත හැක. එහෙත් ඒ සදහා වෛද්‍යවරයවරයා/මහජන සෞඛ්‍ය පරීක්ෂක/ මහජන සෞඛ්‍ය හෙද සොහොයුරිය මගින් උපදෙස් ලබා ගැනීම වැදගත් වේ. මෙම පරීක්ෂණයට ඉදිරිපත් වන පුද්ගලයාට වෛද්‍යකාර්ය මණ්ඩලය විසින් රහස්‍යභාවය ආරක්ෂාවන පරිදි පරීක්ෂණයට පෙර සහ පසු උපදේශන ලබා දීම සිදු වේ.

වෛරසයට නිරාවරණය වීමෙන් කොපමණ කලකට පසු HIV සඳහා රුධිර පරික්ෂාවක් කරගත යුතුද?

මෙම පරීක්ෂණය මගින් ප්‍රතිදේහ හදුනා ගනී. වෛරසය ඇතුලත් වීමෙන් කලකට පසු ශරීරය තුල ප්‍රතිදේහ නිපදවේ. හදුනාගත හැකි තරම් ප්‍රතිදේහ ප්‍රමාණයක් නිපදවීමට ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට යම් කාලයක් ගතවේ.මෙම කාලය මනුෂ්‍යයෙකුගෙන් තවත් කෙනෙකුට වෙනස් වේ.

මෙම ගතවන කාලය “කවුළු සමය” ලෙස හදුන්වයි. බොහෝ දෙනෙකු සති 02ත් 08ත් අතර කාලය තුලදී (දින25) හදුනාගත හැකිතරම් ප්‍රමාණයක් ප්‍රතිදේහ නිපදවයි. සමහර පුද්ගලයින්ගේ එම කාලයට වඩා කාලයක් ඒ සදහා ගත කරයි. එබැවින් මුලින් HIV පරීක්ෂණයේ ප්‍රතිඵලය රහිත වුවද මාස 03 කට පසුවද එම පරීක්ෂණය නැවත කිරීමෙන් ප්‍රතිඵල සහිත විය හැක.

මේ අතර ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා විවිධ වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ජානක වේරගොඩ මහතා සඳහන් කළේය.

මේ වන විට මෙරට තරුණ ප්‍රජාව අතරින් HIV ආසාදිතයින් වාර්තා වීම ඉහළ යමින් පවතින බව විශේෂඥ වෛද්‍ය ජානක වේරගොඩ මහතා සඳහන් කළේය.

“මෙවර අරමුණ වෙන්නේ, HIV ආසාදිතයින්ටත් සමාජයේ අනෙකුත් සෑමකෙනෙක්ම ලබන ප්‍රතිලාභ ඒ හා සමානව ඔවුන්ටත් ලබාදෙන්න කියන එකයි.  මේ අවුරුද්දේ පළමු මාස 9 අවසන් වනවිට HIV ආසාදිතයින් 429ක් සොයාගෙන තියෙනවා. මේ අය අතර බොහෝදෙනා තරුණ ප්‍රජාව. ඔවුන් අවුරුදු 15 – 30 අතර. සියයට 35ක් පමණ. ගිය වසරේ මේ තරම් ප්‍රතිශතයක් තරුණ ප්‍රජාවෙන් වාර්තා වුණේ නෑ. ඒකෙන් අදහස් වෙන්නේ තරුණ ප්‍රජාව අතර අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා ඉතා විශාල වශයෙන් සිදුවෙනවා කියන එක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *