ලෝකයේ මුහුදු වෙරල දූෂණය කරන රටවල් අතරින් පස්වන තැන ලංකාවට

ලෝකයේ මුහුදු වෙරල දුෂණය කරන රටවල් අතරින් ශ්‍රි ලංකාව පස්වන තැනට පත්ව ඇතැයි රුහුණු විශ්ව විද්‍යාලයේ සාගර විද්‍යාව පිළිබඳ මහාචාරය ටර්නි ප්‍රදිප් කුමාර මහතා පැවසිය.

ඒ මහතා මේ බව පැවසුවේ ලෝක පරිසර දිනය නිමිත්තෙන් ගාල්ල හෝල් ඩි ගෝල් ශාලාවේ පසුගිය දා පැවති උත්සවයේදිය

එහිදි ඒ මහතා වැඩි දුරටත් මෙසේ පැවසිය.

”ප්ලාස්ටික් දිරාපත්විමෙන් පසු ඇතිවන ක්ෂ්ද්‍ර ප්ලාස්ටික් කුඩු අපේ ශරිර ගත වෙනවා.එය සතියකට ග්‍රැම් පහක පමණ ප්‍රමාණයක් වන බවත් සොයාගෙන තිබෙනවා.මේ පරිසර විනාශය කර ගන්නේ අප විසින්මයි. සියයට අනුවක්ම ප්ලාස්ටික් මුහුදු වෙරලට එකතු වන්නේ මිනිසා විසින්ම කරනු ලබන ක්‍රියාකාරකම් නිසයි.” යනුවෙන් ඒ මහතා පැවසිය.

අපි පොඩිකාලේ පාර දෙපැත්තේ කුණු තිබුනේ නැහැ.දැන් පාර දෙපැත්තේ හැම තැනම ප්ලාස්ටික් පොලිතින් දාලා.මේ නිසා පරිසරය දූෂණය වෙලා. අපේ අතින්වු වරදට කණගාටුවිය යුතුයි. එනිසා ඒ වරද හදා ගනිමු.

ක්ෂුද්‍ර  ප්ලාස්ටික්වලින් සියයට හැත්තැවක් මුහුදු පතුලේ තැන්පත් වෙනවා.එයින් ජිවින් විනාශ වෙනවා .මේ නිසා කොරල්පර වගේම ‍ලොකු මාලු විනාශ වෙනවා.දැන් ධිවරයින්ට අසුවන්නේ කුඩා මාලු පමණයි. ඒ වගේම තල්මසුන් ද විනාශවෙලා.මෙය අනාගතයට බලපාන විනාශයක්.වෙරල දූෂණය කරන රටවල් අතරින් අප පස්වන තැනට පත්වෙලා

ගාල්ල මගේ සහෝදර නගරයක් අපේ බැඳිම් නිරන්තරයෙන්ම පවතිනවා. අධිවෙගි පිවිසුමේ වෙරළ ආශ්‍රිතව විශාල ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගොඩ ගැහෙනවා. ඒක නගරයට පැමිණෙන අයට සුභ දර්ශණයක් නොවෙයි.ගාල්ල වෙරල තිරයේ හිටුවා ඇත්තේද වෙරල තිරයට සුදුසු ගස් නොව රටතුල සිටුවිය යුතු ගසුයි.එය ගැලපෙන්නේ නැහැ.” යනුවෙන් ඒ මහතා පැවසීය.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත විරසිංහ ,දකුණු පළාත් පරිසර අමාත්‍යංශයේ ලේකම් විදුර කාරියවසම්, මධ්‍යම පරිසර අධිකාරියේ දකුණු පළාත් අධ්‍යක්ෂ සුසන්ත වෙදගේ හෙල්පෝ ආයතනයේ අධ්‍යක්ෂ චතුර වැලිවිටිය යන මහත්වරුද මෙහිදි කතාකල අතර උත්සවයෙන් පසු ආරක්ෂ අංශ නිලධාරින්, පාසල් සිසුන්, පරිසරවේදින් ඇතුලු පිරිස දඩල්ලේ සිට දෙවට දක්වා මුහුදු වෙරල පිරිසුදු කිරිමේ ශ්‍රමදානයක්ද පවත්වන ලදි.

Leave a Reply