ලොව හොඳම සරසවි 1000 අතරට පේරාදෙණිය සරසවියත්

පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල 1,000 අතරට පැමිණ තිබේ.

ඇමරිකා එක්සත් ජනපදයේ යූ.එස්.නිවුස් ආයතනයේ විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය ගෝලීය වශයෙන් 901 වන ස්ථානයටත් ආසියාවේ 240 වැනි ස්ථානයටත් පත්ව තිබේ.

ගෝලීය පර්යේෂණ කීර්තිය, ජාත්‍යන්තර සහයෝගීතාව, ප්‍රකාශන, පොත්පත් සහ සම්පූර්ණ උපුටා දැක්වීම් ඇතුළුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමස්ත හොඳම ගෝලීය විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම ගණනය කිරීමට දර්ශක දහතුනක් භාවිතා කර ඇත.

මැසචුසෙට්ස් හි හාවඩ් විශ්ව විද්‍යාලය හොඳම ගෝලීය විශ්වවිද්‍යාල සාමාන්‍ය ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ලෙස දිගටම පවති.

Leave a Reply