ලොව සමස්ත වඳුරු උණ ආසාදිතයන් ගණන මේ වනවිට 18,000 පසු කරයි

ලොව සමස්ත වඳුරු උණ ආසාදිතයන් ගණන මේ වනවිට 18,000 පසු කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ යුරෝපා රටවලින් බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන අතර ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, රටවල් 78 කට මේ වනවිට වඳුරු උණ වයිරසය ව්‍යාප්ත වී තිබේ.

වඳුරු උණ වසංගතය පාලනය කළ හැකි යැයි ද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් මේ බව ප්‍රකාශ කරමින් පැහැදිලි කර තිබේ

‘ලෝක සෞඛ්‍ය සංවිධානය විශ්වාස කරන අන්දමට, ආසාදිතයන් හඳුනා ගැනීම සහ නිරෝධායනය හරහා වඳුරු උණ වයිරස වසංගතය පාලනය කරගන්න පුළුවන්. එසේ කරන්න නම් ලොව අප සැවොම එකමුතුව කටයුතු කළ යුතුයි’ යැයි එම මාධ්‍ය හමුවේ දී ගෙබ්‍රියේසිස් පැවැසීය.

වඳුරු උණ යනු පැපොල සහ මාරක වසූරිය වයිරස රෝගවල අතර මැද තත්ත්වයක්. 1979 සහ 1980 වසරවලින් පසු අප වසූරියට එරෙහිව එන්නත් වැඩසටහන් නවතා දැම්මා. වඳුරු උණ වයිරසය වැඩි දියුණු වී ගෝලීය වසංගත තත්ත්වයක් බවට පත් වීමට එය හේතුවක් වුණා වෙන්න පුළුවන් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් පැහැදිලි කර තිබේ.

Leave a Reply