ලොව වයස්ගතම බල්ලා

ලොව වයස්ගතම සුනඛයා ලෙස පෘතුගාලයේ බොබී නම් සුරතල් සුනඛයකු ගිනස් වාර්තා අතරට එක් වු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බොබී, Rafeiro do Alentejo වර්ගයට අයත් සුනඛයකු වන අතර වයස අවුරුදු 30 ක් බව ගිනස් කමිටුව පවසයි. සාමාන්‍යයෙන් Rafeiro do Alentejo වර්ගයේ සුනඛයකු ජීවත් වන්නේ අවුරුදු 12 ක් හෝ 14 ක් පමණ බවද එම වාර්තා සඳහන් කළේය

පෙබරවාරි පළමු වැනිදා වනවිට බෝබීගේ වයස මෙම අවුරුදු 30 ක් සහ දින 226 ක් බවද වාර්තාවේ. මීට පෙර මෙතෙක් සිටි වයස්ගතම සුනඛයා වූයේ ඕස්ට්‍රේලියාවේ බ්ලූයි, ඔහු 1939 දී වයස අවුරුදු 29 යි මාස පහේදී මිය ගියේය

පෘතුගාලයේ බටහිර වෙරළ තීරයට අයත් කොන්කිරෝස් ගම්මානයක ජිවත් වන බොබීගේ හිමිකරු ලයනල් කොස්තා නැමත්තෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *