ලොව වඩාත්ම සතුටින් සිටින රට ෆින්ලන්තය

2023 වර්ෂයේ සතුටු දර්ශකය පසුගියදා එලි දැක්වු අතර ඒ අනුව ලොව වඩාත්ම සතුටින් මිනිසුන් සිටින රට බවට ෆින්ලන්තය හයවැනි වරටත් පත්ව තිබේ.

එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය ඩෙන්මාර්කයටත්, තෙවැනි ස්ථානය අයිස්ලන්තයටත් හිමිව ඇත. ලැයිස්තුවේ ඊළඟ ස්ථානවලට පිළිවෙළින් පත්ව ඇත්තේ ඊශ්‍රායලය, නෙදර්ලන්තය, ස්වීඩනය, නෝර්වේ, ස්විට්සර්ලන්තය, ලක්සම්බර්ග් සහ නවසීලන්තය යන රටවල්ය.

එම වාර්තාව අනුව ශ්‍රි ලංකාව 112 වන ස්ථානයේ පසුවන අතර, නයිජිරියාව, ඝානාව, සෙනගල් වැනි රටවල්ද ශ්‍රි ලංකාවට ඉදිරියෙන් පසුවීම විශේෂත්වයකි.වසරකට වැඩි කාලයක් යුද්ධය පවතින යුක්‍රේනයද 92 වන ස්ථානයේ පසුවෙයි.

ඉන්දියාව 126 වැනි ස්ථානයේ පසුවන අතර, බංගලාදේශය 118 වන ස්ථානායේ පසුවේ.

ජපානය 47 වන ස්ථානායේ පසුවන අතර, ඇමරිකා එක්සත් ජනපදය 15 වැනි ස්ථානයේ පසුවේ. චීනය 64 වන ස්ථානයේ පසුවේ. අවසන් ස්තානායේ පසුවන්නේ ඇෆ්ඝනිස්ථානයයි. ඒ 137 වන ස්ථානයයි.

මෙම සතුටු දර්ශක වාර්තාව සකස් කරලිම සඳහා සමාජ සුබසාධන සහ සහයෝගිතාවය , ආදායම, සෞඛ්‍ය, නිදහස, සහ දූෂණ මර්දනය යන සමාජ නිර්නායක පදනම් කරගනිමිනි.එමෙන්ම මුලික අයිතාවසිකම්, හිමිකම්, බහුත්වවාදය , ලිංගිකත්වය වැනි නිර්නායකයන්ද කැපී පෙනේ.

2020,2021,සහ 2022 යන අවුරුදු 03ක සාමාන්‍ය අගය මත මෙය නිර්මාණය කර තිබේ.ලෝක සතුට වාර්තාව ලියා ඇත්තේ ස්වාධීන විශේෂඥයින් පිරිසක් විසිනි.

2013 දී එක්සත් ජාතින්ගේ සංවිධානය මාර්තු 20 වාර්ෂිකව සතුට පිළිබඳ ජාත්‍යන්තර දිනය ලෙස ප්‍රකාශයට පත් කර වසර දහයක් ගත විය

Leave a Reply