ලොව දිගම දිය යට කිස් එක

පෙම් යුවළක් ලොව දීර්ඝතම දිය යට හාදුවට හිමි ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කීමට සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය

බෙත් නීල් සහ මයිල්ස් ක්ලුටියර් නම් පෙම් යුවළ මාලදිවයිනේ නිවාඩු නිකේතනයකදී මෙම ලෝක වාර්තාව තබා ඇත.

මෙම යුවළගේ දිය යට හාදුවේ දිග විනාඩි හතරයි තත්ත්පර හයකි. මීට පෙර ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කී දිය යට හාදුවේ දිග විනාඩි තුනයි තත්ත්පර විසි හතරක් වී තිබේ. 

ඔවුන් දෙදෙනාම රැකියාවෙන් කිමිදුම් උපදේශකයන් ලෙස සේවය කරන බව එම මාධ්‍ය වාර්තා සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *